යතුරු පැදි – පාපැදි ගැටුමෙන් අයකුට ජීවිතය අහිමියි

යතුරු පැදි – පාපැදි ගැටුමෙන් අයකුට ජීවිතය අහිමියි

බණ්ඩාරගම – කළුතර මාර්ගයේ ගොරොක්ගස් හන්දිය අසලදී යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පාපැදිකරු දිනකට පසු මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් තිබුණේ බණ්ඩාරගම- වීදාගම රේරුකාන පාර පදිංචිව සිටි 76 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා කළුතර මාර්ගයේ ගල්තුඩේ දෙස සිට පැමිණ ගොරොක්ගස් හන්දියේ දී ප්‍රතිවිරුද්ධ මන් තීරුව හරහා අතුරු මාර්ගයකට හැරවීම සඳහා තම දකුණු අත යොමු කර සංඥා කිරීමේදී පිටු පසින් පැමිණි යතුරුපැදිය පාපැදියේ ගැටී මෙම අනතුර වී තිබූ බවයි.

අනතුරින් තුවාල ලද පාපැදිකරු සහ යතුරු පැදිකරු බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු පාපැදිකරු මිය තිබෙනවා.

අනතුර සිදුවන ආකාරය අසල නිවසක සවි කර තිබූ සීසී ටීවී කැමරාවක සටහන්ව තිබුණා.

 

Share This