
යාපනය විශ්වවිද්‍යාල බලධාරීන් මුණ ගැසුන අගමැතිනිය කී කතාව
විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන දරුවන්ගේ ආරක්ෂාව, සුබ සාධන පහසුකම් සැපයීම සහ ඉගෙනුම් පහසුකම් පිළිබඳ විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුළු අධ්‍යයන, අනධ්‍යයන සේවකයින් ආචාර්ය මණ්ඩලය සහ සිසුන් සමග ඊයේ (03) යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සදහන් කළා.
විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණ දෙන නේවාසික පහසුකම්, ජලය, විදුලිය ඇතුළු සුභසාධන පහසුකම් පිළිබඳ මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු වූ අතර මෙතෙක් විසඳා ගැනීමට කටයුතු නොකළ සිසුන්ගේ පානිය ජල ගැටලුව මසක් ඇතුළත විසඳීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නිරන්තර අධික්ෂණය ඒ වෙනුවෙන් යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවා.
උසස් පෙළ සමත් වී වසරකට සිසුන් 40,000ක් පමණ රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන අතර එම දරුවන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ ඉගෙනුම් පහසුකම් නිසි පරිදි ලබාදීමට විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතු බව වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සදහන් කළා.
අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ විශ්වවිද්‍යාල ගුණාත්මක ලෙස පශ්චාත් උපාධිය ලබා දෙන පර්යේෂණ ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම ඉතා වැදගත් බවයි.
විශ්වවිද්‍යාල තුළ දරුවන්ට සිදුවන විවිධ හිරිහැර, ලිංගික අඩත්තේට්ටම්, අපරාධ, බලපෑම් මෙන්ම ප්‍රචණ්ඩත්වය වහාම නතර විය යුතු බවත් ඒ වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් බවත් ඇය මෙහිදී සදහන් කළා.
මේ අතර අග්‍රාමාත්‍යවරිය යාපනය නල්ලූර් කෝවිල වැදපුදා ගැනීමට ද ඊයේ කටයුතු කළා.