යුක්‍රේනයට සාකච්ඡාවකට එන්න කියන පුටින්

යුක්‍රේනයට සාකච්ඡාවකට එන්න කියන පුටින්

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සෘජු සාකච්ඡා සඳහා යුක්‍රේනය වෙත කැඳවීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අදාළ සාකච්ඡා ලබන 15 වන දිනට පෙර ප්‍රමාදයකින් තොරව අදාළ සාකච්ඡා සිදුකළ යුතු බවටයි පුටින් ප්‍රකාශ කර ඇත්තේ.

ගැටුමේ මූල හේතු ඉවත් කර කල් පවතින ශක්තිමත් සාමයක් කරා ගමන් කිරීම ආරම්භ කිරීමට සියලු දෙනා එක්ව ගැඹුරු සාකච්ඡාවක නිරත විය යුතු බව රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ එක්සත් රාජධානියේ අගමැති සර් කීර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයින් විසින් කොන්දේසි විරහිත දින 30 ක සටන් විරාමයකට එකඟ වන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටීමෙන් පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

අදාළ සාකච්ඡා තුර්කියේ අගනුවර වන ඉස්තාන්බුල් හි සිදුවිය යුතු බවට යෝජනා කරන පුටින්, රුසියාව සහ යුක්‍රේනය නව සටන් විරාමයකට එකඟ වීමට හැකි විය හැකි බවයි ඔහු සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සමඟ කතා කිරීමට කටයුතු කරන බව ද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

Share This