යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමේ සූදානම ගැන බයිඩන්ගෙන් ප්‍රකාශයක්

යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමේ සූදානම ගැන බයිඩන්ගෙන් ප්‍රකාශයක්

යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට පෙර රුසියාව සමග පවතින යුද්ධය අවසන් කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබෙනවා

ඔහු මේ බව පවසා ඇත්තේ CNN ප්‍රවෘත්ති සේවය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

යුක්‍රේනය තවමත් නේටෝ සාමාජිකත්වය සඳහා ලබා ගැනීම සඳහා සූදානම් නැති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ

කෙසේවෙතත් රුසියාව සමග පවතින යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය ආරක්ෂාව සහ ආයුධ යුක්‍රේන ජනාධිපතිවරයාට සහ ඔහුගේ හමුදාවන්ට එක්සත් ජනපදය සහ නේටෝවේ සාමාජික රටවල් විසින් අඛණ්ඩව සපයනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා

Share This