යුක්‍රේනය සමග සාම සාකච්ඡා ප්‍රතික්ෂේප නොකරන බව රුසියානු ජනපති කියයි

යුක්‍රේනය සමග සාම සාකච්ඡා ප්‍රතික්ෂේප නොකරන බව රුසියානු ජනපති කියයි

යුක්‍රේනය සම්බන්ධයෙන් සාම සාකච්ඡා පැවැත්වීම පිළිබඳ අදහස තමන් ප්‍රතික්ෂේප නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී අප්‍රිකානු නායකයින් හමුවීමෙන් පසු අදහස් දක්වමින්.

කෙසේ වෙතත් යුක්‍රේන හමුදාව ප්‍රහාර එල්ල කරන අතරතුර සටන් විරාමයක් ඇති කළ නොහැකි බව ද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා

Share This