යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට තවත් චෝදනාවක්

යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට තවත් චෝදනාවක්

රුසියානු හමුදා යුධ පිටියේදී සුළු ජයග්‍රහණ ලබා ගන්නා විට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ක්‍රෙම්ලිනය “බලශක්ති ත්‍රස්තවාදයට” යොමු වන බවට චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනයේ බලශක්ති ජාලයට රුසියානු ප්‍රහාරය එල්ල වීමෙන් පසු මිලියන 4.5 ක ජනතාවක් විදුලිය නොමැතිව සිටින බවද සෙලෙන්ස්කි මහතා වැඩිදුරටත් සඳහන් කරනවා

රුසියාව විසින් යුක්‍රේන බලාගාර වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ අනුව රටේ විදුලි බලාගාරවලින් තුනෙන් එකක් විනාශ වී තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This