යුක්‍රේන ජනපති එරට එක්සත් රාජධානියේ තානාපති සේවයෙන් ඉවත් කරයි

යුක්‍රේන ජනපති එරට එක්සත් රාජධානියේ තානාපති සේවයෙන් ඉවත් කරයි

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky විසින් එරට සිටින එක්සත් රාජධානියේ තානාපතිවරයා සේවයෙන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් රාජධානිය යුක්‍රේනයට ප්‍රධාන ලෙස ආයුධ ලබාදෙන අතර එහි හමුදා සාමාජිකයින්ද පුහුණු කරනු ලබනවා

යුක්‍රේනය තම මිත්‍ර රටවලින් අවි සැපයීම වෙනුවෙන් වැඩි කෘතඥතාවක් දැක්විය යුතු බවට බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමති බෙන් වොලස්ගේ යෝජනාවලට Volodymyr Zelenskyගේ උපහාසාත්මක ප්‍රතිචාරය Vadym Prystaiko විසින් ප්‍රසිද්ධියේ විවේචනය කර තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Kyiv අගනගරය Vadym Prystaiko සේවයෙන් ඉවත් කිරීමට නිල හේතුවක් නොදැක්වූ නමුත් ඔහු තවදුරටත් තානාපතිවරයා නොවන බවට තහවුරු කර තිබෙනවා

2020 ජූලි මාසයේ සිට යුක්‍රේනයේ එක්සත් රාජධානියේ තානාපතිවරයා ලෙස Vadym Prystaiko සේවය කර තිබෙන බවයි පැවසෙන්නේ

Share This