යුක්‍රේන ජනපති කැනඩාවට

යුක්‍රේන ජනපති කැනඩාවට

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කැනඩාවට ගොස් අගමැති ජස්ටින් ටෲඩෝ හමුවීමට සහ කැනේඩියානු පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

සැප්තැම්බර් 21 සිට 22 දක්වා යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කැනඩාවේ සංචාරය කරන බවයි අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ නිවේදනය කර තිබෙන්නේ

කැනඩාවේ සිටින කාලය අතරතුර, යුක්‍රේනයේ අනාගතය වෙනුවෙන් පුද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීම සඳහා කැනේඩියානු ව්‍යාපාරික නායකයින් හමුවීමට යුක්‍රේන ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

වොෂින්ටනයේ රැඳී සිටි යුක්‍රේන ජනපති කැනඩාවට ඒමට පෙර එක්සත් ජනපද නීති සම්පාදකයින් සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුව තිබෙනවා

රුසියානු ආක්‍රමණයෙන් පසු ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමතීමටද යුක්‍රේන ජනපතිවරයා කටයුතු කරනු ලැබුවා

 

Share This