යුක්‍රේන ඩ්‍රෝන යානා දෙකක් මොස්කව් ප්‍රදේශයට ඉහළින් බිම හෙලූ බවට රුසියාවෙන් නිවේදනයක්

යුක්‍රේන ඩ්‍රෝන යානා දෙකක් මොස්කව් ප්‍රදේශයට ඉහළින් බිම හෙලූ බවට රුසියාවෙන් නිවේදනයක්

මොස්කව් කලාපයට ඉහළින් එල්ලවූ යුක්‍රේන ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළා ව්‍යර්ථ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

තවත් ඩ්‍රෝන යානා දෙකක් යුක්‍රේන දේශසීමාවේ ඊසාන දෙසින් පිහිටි බ්‍රයන්ස්ක් ප්‍රදේශයේදී සිය භාරයට ගත් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ .

එමෙන්ම මොස්කව් ගුවන් තොටුපළ වෙත ගුවන් ගමන් තාවකාලිකව නතර කළ බවද සඳහන් වනවා

රුසියානු ගෑස් නිෂ්පාදන පහසුකම් අසල යාත්‍රා කළ යුක්‍රේන ඔත්තු බැලීමේ බෝට්ටුවක් කළු මුහුදේදී යුද ගුවන් යානයක් විසින් විනාශ කර ඇති බව ද එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා

Share This