යුක්‍රේන දරුවන්ට නත්තල් තෑගි ලබාදීම දෙවනවරටත්

යුක්‍රේන දරුවන්ට නත්තල් තෑගි ලබාදීම දෙවනවරටත්

යුද්ධයෙන් විනාශ වූ යුක්‍රේනයේ ජීවත්වන ළමුන් සඳහා නත්තල් තෑගි 7,200ක් ඔතා ගැනීමට ස්වේච්ඡා සේවකයන් සියයක් පමණ උපකාරී වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

දේශීය ව්‍යාපාරිකයන් විසින් සෙල්ලම් බඩු, පොත්පත් සහ ප්‍රහේලිකා ඇතුළු ත්‍යාග පරිත්‍යාග කිරීම අඛණ්ඩව සිදුවූ දෙවන වසර මෙය බවයි පැවසෙන්නේ

රුසියානු සන්නද්ධ හමුදාවන් විසින් අල්ලාගෙන සිටින ප්‍රදේශ ඇතුළුව යුක්‍රේනය පුරා මෙම තෑගි බෙදා හරින බවයි සංවිධායකයින් සඳහන් කරන්නේ .

Save the Children පුණ්‍යායතනය පැවසුවේ යුක්‍රේනයේ මිලියන හතරකට අධික ළමුන් “හදිසි මානුෂීය ආධාර අවශ්‍යව” සිටින බවයි,

Share This