යුක්‍රේන හමුදාවන්ගේ බාධා කිරීම් මධ්‍යයේ රුසියානු හමුදා කියෙව් නගරය ආසන්නයට (VIDEO )

යුක්‍රේන හමුදාවන්ගේ බාධා කිරීම් මධ්‍යයේ රුසියානු හමුදා කියෙව් නගරය ආසන්නයට (VIDEO )

යුක්‍රේන හමුදාව පවසන්නේ රුසියානු සන්නද්ධ රථ විශාල ප්‍රමාණයක් ඉදිරියට පැමිණ ඇති බවත් ඩයිමර් සහ ඉවන්කිව්හි කියෙව් අගනුවරට තදාසන්න ප්‍රදේශවල සන්නද්ධ හමුදා සමග සටන් කරමින් සිටින බවයි.

යුක්‍රේන සන්නද්ධ හමුදාවන් අගනුවරට වයඹ දෙසින්  පැමිණෙන රුසියානු හමුදාවන්ට අඛණ්ඩව පහර දීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම රුසියානු හමුදාවන්ගේ ඉදිරි ගමනට බාධා කිරීම සඳහා භට පිරිස් ටෙටේරිව් ගඟේ මායිමේ පාලමක් විනාශ කර ඇති බවත් සඳහන්

කෙසේවෙතත් නගරයෙන් පිටත පිහිටි ගුවන් තොටුපළක් තවමත් යුක්‍රේන භට පිරිස් අල්ලාගෙන සිටින බවත්  රුසියානු හමුදා එය අත්පත් කර ගතහොත් ඔවුන්ට කියෙව් වෙතට පිවිසීමට එය පිටුවහලක් විය හැකි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කියෙව් නගර මධ්‍යයට උතුරින් පිහිටි ප්‍රදේශයක් වන ඔබලෝන් හරහා රුසියානු ටැංකි ධාවනය වන බව වීඩියෝවක් මගින් පෙන්නුම් කරනවා

එම වීඩියෝව පහතින්

 

Share This