යුදෙව් ශිෂ්‍යන්ට තර්ජනය කළ සිසුවෙක් අත්අඩංගුවට

යුදෙව් ශිෂ්‍යන්ට තර්ජනය කළ සිසුවෙක් අත්අඩංගුවට

අමෙරිකාවේ Cornell විශ්වවිද්‍යාලයේදී එහි සිටින යුදෙව් ශිෂ්‍යන්ට තර්ජනල කළ සිසුවෙකු නිව්යෝර්ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ශිෂ්‍යයා Greekrank නම් වෙබ් අඩවියක “හමාස්” නමින් තිබූ යුදෙව් විරෝධී අදහස් පළ කර ඇති බව විමර්ශවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලයේ යුදෙව් සිසුන්ට වෙඩි තබන බවට තර්ජනය කර ඇති බවද සඳහන්.

21 හැවිරිදි Patrick Dai, Cornell විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්.

එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලය තුළට තුවක්කුවක් ගෙනැවිත් යුදෙව් කාන්තාවන්ට අතවර කරන බවටත් ඕනෑම යුදෙව් ළදරුවෙකුගේ හිස ගසා දමන බවටත් තර්ජනය කර ඇති බවයි නිව්යෝර්ක් පොලිසිය සඳහන් කරන්නේ.

මේ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් සැකකරුට වසර පහක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වන අතර ලබන සිකුරාදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This