යුද ගැටුම් ආරම්භයේ සිටම 20,000කට ආසන්න පිරිසක් යුක්‍රේනයෙන් පලා යයි

යුද ගැටුම් ආරම්භයේ සිටම 20,000කට ආසන්න පිරිසක් යුක්‍රේනයෙන් පලා යයි

යුද ගැටුම් ආරම්භයේ සිටම 20,000 කට ආසන්න මිනිසුන් පිරිසක් යුක්‍රේනයෙන් පලා ගොස් ඇති බව BBC පුවත් සේවය අනාවරණය කර තිබෙනවා.

සමහරු රට හැර යාම සඳහා ගංගා හරහා අසීරුවෙන් පීනා ගොස් ඇති බවයි පැවසෙන්නේ

තවත් මිනිසුන් 21,113 දෙනෙකු පලා යාමට උත්සාහ කළ නමුත් යුක්‍රේන බලධාරීන් විසින් ඔවුන් අල්ලා ගත් බව කියෙව් තහවුරු කරනවා

රුසියාවේ ආක්‍රමණයෙන් පසු වයස අවුරුදු 18-60 අතර පිරිමි පුද්ගලයින්ට පිටවීම තහනම් වුණා .

නමුත් BBC පුවත් සේවය ලබාගත් දත්තවලින් හෙළිව ඇත්තේ තහනම් කර තිබුණත් පුද්ගලයින් දිනපතා රටින් පිටවීම සිදු කර ඇති බවයි.

අසල්වැසි රුමේනියාව, මෝල්ඩෝවා, පෝලන්තය, හංගේරියාව සහ ස්ලෝවැකියාවෙන් නීතිවිරෝධී දේශසීමා හරස්වීම් පිළිබඳ දත්ත ඉල්ලා සිටීමෙන් පසු 2022 පෙබරවාරි සහ 2023 අගෝස්තු 31 අතර කාලය තුළ පිරිමින් 19,740ක් නීතිවිරෝධී ලෙස මෙම රටවලට ඇතුළු වූ බවට තහවුරු වී තිබෙනවා .

Share This