යුද ගිනි අතරේ න්‍යෂ්ටික බලාගාරයේත් ගින්නක්
ගිනිකොනදිග යුක්රේනයේ Zaporizhzhia බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හයෙන් එකක් අසල ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
බලාගාරයේ ප්‍රකාශකයෙකු පවසන්නේ රුසියානු ෂෙල් ප්‍රහාර දිගටම පවතින බැවින් ගිනි නිවන භටයින්ට තවමත් ගින්න මැඩපැවැත්වීමට නොහැකි වී ඇති බවයි
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) නිලධාරීන් මෙන්ම එක්සත් ජනපද රජය ද මෙම තත්ත්වය පිළිබඳව යුක්රේන බලධාරීන් සමඟ සම්බන්ධ වී ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා
හාවඩ් විශ්වවිද්‍යාලයේ න්‍යෂ්ටික ආරක්ෂක විශේෂඥයෙකු වන ග්රැහැම් ඇලිසන් බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ ගින්න දිගටම පැවතුනහොත් ප්‍රතික්‍රියාකාරකය දියවී යා හැකි බවයි.
1986 චර්නොබිල් ව්‍යසනයේදී මෙන් වසර ගණනාවක් අවට ප්‍රදේශය දූෂණය කරන විකිරණශීලීතාව මුදා හැරීමට එය ඉක්මන් වනු ඇතැයිද ඔහු අනතුරු අඟවනවා
යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට එල්ලවන රුසියානු ප්‍රහාර මධ්‍යයේ යුක්රේනයේ ජනාධිපතිවරයා ලෝකයෙන් “වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ” ඉල්ලා සිටිනවා.
“යුරෝපීයෙනි, කරුණාකර අවදි වන්න. රුසියානු හමුදා යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරයට වෙඩි තබන බව ඔබේ දේශපාලඥයින්ට කියන්න” යැයි යනුවෙන් ඔහු බැගෑපත් වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ
එමෙන්ම යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ තමා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, ජර්මනිය සහ පෝලන්තය මෙන්ම ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සි නායකයින් සමඟ සම්බන්ධ වී ඇති බවයි
“රුසියාව අතීතයේ දී අනතුරු අඟවා ඇත්තේ ලෝකය න්‍යෂ්ටික අළුවලින් ආවරණය කරන බවටයි. දැන් මෙය අනතුරු ඇඟවීමක් පමණක් නොවේ, මෙය සැබෑවක් බවට පත් කිරීමට ඔවුන් උත්සාහ කරනවා යනුවෙන්ද යුක්රේනයේ ජනාධිපතිවරයා පවසනවා
මේ වනවිට Zaporizhzhya බලාගාරයට ඇතුළු වීමට ගිනි නිවන භටයින් අවසානයේ සමත් වූ බව රටේ හදිසි සේවා පවසයි.