යුරෝපා සංගමයෙන් ඇෆ්ගනිස්ථානයට යුරෝ මිලියන 7.6ක්

යුරෝපා සංගමයෙන් ඇෆ්ගනිස්ථානයට යුරෝ මිලියන 7.6ක්

යුරෝපා සංගමය විසින් ඇෆ්ගනිස්ථානය සඳහා යුරෝ මිලියන 7.6ක මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගොවීන්ගේ අවශ්‍යතා, ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සහ වාරි ජලය නොමැති ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම තුළින් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහය ලබා දීමේ අරමුණින් එම මුදල ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2023 අප්‍රේල් මාසයේදී ඇෆ්ගනිස්ථාන ජාතිකයින් මිලියන 17.2 ක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයක් අත්විඳ ඇති බව සඳහන්.

එමෙන්ම නියඟය, ගංවතුර සහ උෂ්ණත්වය ඉහළ යාම ඇතුළු පාරිසරික තර්ජනවලින් වඩාත් පීඩාවට පත් වූ රටවල් අතර පෙරමුණේ ඇෆ්ගනිස්ථානය පසුවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමය විසින් අදාළ මුදල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Share This