යෝජිත ගාසා සටන් විරාම සැලැස්මට හමාස් ප්‍රතිචාර දක්වයි

යෝජිත ගාසා සටන් විරාම සැලැස්මට හමාස් ප්‍රතිචාර දක්වයි

ගාසා තීරයේ නව සටන් විරාමයක් සඳහා වූ යෝජනාවකට තම ප්‍රතිචාරය ලබා දී ඇති බව හමාස් සංවිධානය පවසනවා

ඊශ්‍රායලය, එක්සත් ජනපදය, කටාර් සහ ඊජිප්තුව විසින් සකස් කරන ලද ගනුදෙනුවේ තොරතුරු නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

සති හයක සටන් විරාමයක් ඇතුළත් වන බව මීට පෙර වාර්තා වී ඇතැත් හමාස්ගේ ප්‍රතිචාරය සමාලෝචනය කරන බව ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබෙනවා

දැනට මැද පෙරදිග සිටින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කියා සිටියේ හමාස්ගේ ප්‍රතිචාරය ගැන අද (07) දිනයේ ඊශ්‍රායලයේ නිලධාරීන් සමග සාකච්ඡා කරන බවයි.

මේ අතර හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් BBC පුවත් සේවයට පවසා තිබෙන්නේ , තම කණ්ඩායම යෝජනාවට ප්‍රතිචාර වශයෙන් ධනාත්මක දැක්මක් ඉදිරිපත් කර ඇති නමුත් ගාසා තීරය යළි ගොඩනැගීම, එහි පදිංචිකරුවන් ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු යාම සහ එහි සිටි අය සඳහා ප්‍රතිපාදන සම්බන්ධයෙන් යම් සංශෝධන ඉල්ලා සිටි බවයි.

එමෙන්ම තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම, ඔවුන් ආපසු සිය රට බලා යාම සහ විදේශයන්හි රෝහල් වෙත මාරු කිරීම ඇතුළුව ඔවුන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධ වෙනස්කම් ද හමාස් ඉල්ලා ඇති බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This