රජයන්වල ඉහළ කාර්යසාධනයෙන් ලොව පෙරමුණට ආ සිංගප්පූරුව

රජයන්වල ඉහළ කාර්යසාධනයෙන් ලොව පෙරමුණට ආ සිංගප්පූරුව

ලොව පුරා රටවල රජයන්වල ඉහළ කාර්යසාධනය පිළිබඳව සළකා බැලීමේ දී එහි පෙරමුණ ගැනීමට සිංගප්පූරුව සමත් වී තිබෙනවා.

සිංගප්පූරුව අඛණ්ඩව එම ස්ථානයට පත්වූ දෙවන අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය ඩෙන්මාර්කයට සහ තුන්වන ස්ථානය ෆින්ලන්තය හට හිමිව තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා රටවල් 100ක් සැළකිල්ලට ගෙන ඇති බව සඳහන්.

එහි හොඳම රටවල් 20 අතර සිටින එකම ආසියානු රට බවට පත්ව ඇත්තේ දකුණු කොරියාවයි.

අදාළ ශ්‍රේණිගත කිරීම් සිදු කිරීමේ දී නායකත්වය, අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන වැනි ශක්තිමත් ආයතන, රැකියා, නවෝත්පාදන සහ අවස්ථා නිර්මාණය කිරීම ඇතුළත් ආකර්ෂණීය වෙළඳපොළ යන සාධක සැළකිල්ලට ගෙන තිබෙනවා.

Share This