රජයේ වාහන ගැන තීරණයක්
රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අද (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළා.
රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.