
රජයේ විධායක නිලධාරීන් ලබන 25 සහ 26 ලෙඩ වෙයි
ලබන 25 සහ 26 යන දෙදින අසනීප නිවාඩු වර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් තීරණය කර තිබෙනවා.
ඒ රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් හට බලපා ඇති වැටුප් හා දිමනා විෂමතාවයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි.
එමෙන්ම, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හා එක්වීමට ශ්‍රී ලංකා ගණකාධීකාරී සේවා සංගමයද තීරණය කර ඇති බව සඳහන්
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවන විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමට රජය විසින් ක්‍රියා නොකරන්නේ නම්, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම්, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු රජයේ සියලුම ප්‍රමුඛ කාර්යයන්ගෙන් ඉවත් වීමට ක්‍රියා කරනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය පැවසුවේ