රටට සෙත් පතා, ස්වර්ණවාහිනිය රටම එක්කරනා මහනුභාව සම්පන්න පිරිත් පින්කම – අද රාත්‍රී 9.30 ට  (VIDEO)

රටට සෙත් පතා, ස්වර්ණවාහිනිය රටම එක්කරනා මහනුභාව සම්පන්න පිරිත් පින්කම – අද රාත්‍රී 9.30 ට (VIDEO)

‘දිට්වා’ සුළිකුණාටුවේ බලපෑමට ලක්වූ සැමටත් සකළ ශ්‍රී ලංකාවාසී සැමටත් සෙත්පතා ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මඟින් සංවිධාන කරන සුවිශේෂී ආශිර්වාද පිරිත් සජ්ක්‍ෂායනාව අද රාත්‍රි අද රාත්‍රි 9.30 සිට හෙට පහන් වන තුරු කතරගම කිරිවෙහෙර පුදබිමේදී පැවැත්වෙනවා.

මෑත ඉතිහාසයේ ධරුණුතම ස්වභාවික ව්‍යසනය ලෙසින් සිරිලක් දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව, මෙරට ගම් දනව් සිසාරා එල්ල කල බලපෑම සුළුපටු නැහැ.

එකී ඛේදනීය තත්ත්වය හමුවේ ජීවිත අහිමි වූවන් සේම තුවාල ලබා විපතට පත් වූවන්ද බොහෝ පිරිසක් වනවා.

ඔවුන් හා රට වෙනුවෙන් ඓතිහාසික කිරි වෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා උපදෙස් පරිදි ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානයේ දායකත්වයෙන් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සංවිධාන ශක්තියෙන් මෙම ආශිර්වාද පරිත්‍රාන ධර්ම දේශනාමය පින්කම සිදු කෙරෙනවා.

Share This