
‘රටම එකට’ අතර මඟ නවතින වැඩක් නෙවෙයි – අමාත්‍ය, හර්ෂණ නානායක්කාර
‘රටම එකට’ ජාතික මෙහෙයුම හරහා ඊයේ දිනයේදී දිවයිනපුරා සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් 354කදී හෙරොයින් ග්‍රෑම් 354ක් , අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 395කදී කිලෝග්‍රෑම් 330යි ග්‍රෑම් 165ක් සොයාගෙන තිබෙනවා.
වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 1099ක් වන අතර මේ වන විට සිදු කළ සමස්ත වැටලීම් ගණන 1087ක්.
එහිදී පුනරුත්ථාපනය කළ සැකකරුවන් 57 ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ අතරමග නතරවන තවත් එක් මෙහෙයුමක් නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
මත් උවදුර තුරන් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර තිබු මොරටුව මහජන ආරක්ෂක කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
