“රටම එකට‍ ජාතික මෙහෙයුම”ට මුළු රටම සජීවීව “ස්වර්ණවාහිනිය”ට (VIDEO)

“රටම එකට‍ ජාතික මෙහෙයුම”ට මුළු රටම සජීවීව “ස්වර්ණවාහිනිය”ට (VIDEO)

“රටම එකට‍ ජාතික මෙහෙයුම” අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරෙනවා.

මෙම සුවිශේෂී ජාතික මෙහෙයුමේ සමාරම්භය හා සජීවීව එක්වන්නට අද උදෑසන 10 සිට ස්වර්ණවාහිනියෙන් ඔබට අවස්ථාව උදාවෙනවා.

රටට විනයක් වූ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් “රටම එකට‍ ජාතික මෙහෙයුම” ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ වෙනුවෙ මුළුමහත් රට වැසියන් සැමට ආරාධනා කරන අතර මේ වනවිටත් ඉහළ ජන ප්‍රසාදයක් “රටම එකට‍ ජාතික මෙහෙයුම” වෙනුවෙන් හිමිව තිබෙනවා.

ජාතික මෙහෙයුම් සභාවක් මේ වෙනුවෙන් පිහිටුවා ඇති අතර, පාර්ශව 23ක් ඊට ඇතුලත් වෙනවා.

“රටම එකට‍” ජාතික මෙහෙයුම් සභාවේ සභාපති වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.

 

Share This