රට විවෘත කරනවාද.. නැත්ද.. තීරණය අද -තීරණයට බලපාන කරුණු මෙන්න

රට විවෘත කරනවාද.. නැත්ද.. තීරණය අද -තීරණයට බලපාන කරුණු මෙන්න

රට ලබන 13 වැනිදා නැවත විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වීමට නියමිතයි .

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් රට පුරා නිරෝධායන ඇදිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය මස 20 වැනිදායි

එදින පැනවූ ඇඳිරි නීතිය අවසන්වීමට නියමිතව තිබුණේ පසුගිය මස 31 වැනිදා වුවත් එදින රට විවෘත නොකෙරුණු අතර නිරෝධායන කාල සීමාව දීර්ඝ කෙරුණා

මේ අනුව රට නැවත විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 13 වැනිදා සඳුදායි.

මේ අතර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම දෙදහසකට ආසන්න සීමාවකට පැමිණි පසු දැඩි සෞඛ්‍යමය කොන්දේසි යටතේ රට විවෘත කිරීමට හැකි බව රාගම වෛද්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

විද්වත් කමිටුවක මගපෙන්වීම යටතේ පාසල් ක්‍රම ක්‍රමයෙන් විවෘත කිරීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කරනවා

ඩෙල්ටා සැර කොරෝනා රැල්ලේ යම් පාලනයක් ලබන මාසය වනවිට ඇතිවනු ඇතැයි විශ්වාස කරන බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා

කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු රට විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට පැමිණීමට හැකිවනු ඇති බවද සඳහන්

කරනවා

 

Share This