
රත්නපුර පොලීසියෙන් පැන්න සංවිධානාත්මක අපරාධකරුවෙක් සොයන්න පොලීසිය මහජන සහය පතයි
පානදුරේ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම්වලට සම්බන්ධ බව කියන සැකකරුවෙකු පැල්මඩුල්ල පාතගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
35 හැවිරිදි අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන පානදුර නිලංග නමැත්තාගේ ගෝලයකු බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.
ඔහු ඉකුත් මස 25 වැනිදා සහ පසුගිය 11 වැනිදා සිදු කළ වෙඩි තැබීම්වලට වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ යතුරුපැදිකරු බවට අනාවරණය වී ඇතැයි විමර්ශන නිලධාරීන් සඳහන් කළා.
ව්‍යාජ හැදුනුම්පතක් තබාගෙන වෙනත් නමකින් පෙනී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසිය වෙත භාර දී තිබූ අතර පසුව අත්අඩංගුවෙන් මිදී පළාගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති බවයි.
මෙම සැකකරු රත්නපුර ,අංගම්මන පදිංචි සුරංග උපසංක පිටදෙනිය නමැත්තෙක්.
මොහු ගැන තොරතුරක් වෙතොත් රත්නපුර පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ කොට්ටාශයට දැනුම් දෙන ලෙස පොලීසිය දැනුම් දෙනවා.