රත්මලාන ගුවන්තොටුපොලේ අවදානම් තාප්පය ඉවත් කිරීමට අවධානය

රත්මලාන ගුවන්තොටුපොලේ අවදානම් තාප්පය ඉවත් කිරීමට අවධානය

රත්මලාන ගුවන්තොටුපොලේ අවදානම් තාප්පය ඉවත් කිරීමට අවධානය යොමුව තිබෙනවා

ඒ ගුවන්තොටුපොලේ සීමා බැම්මක අවදානම පිලිබඳව අද දින පුවත්පත් වල පල වූ තොරතුරක් සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ගුවන්තොටුපොළ සේවා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එහි අවදානම පිළිබඳ නිවැරදි විමසීමකින් පසුවයි එය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත්තේ

ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය(Aircraft Owners & Operations Asociations Sri Lanka ) විසින් රජයට සහ සිවිල් ගුවන් සේවා අධිකාරියට කළ අනතුරු ඇඟවීම අනුව රත්මලාන ගුවන්තොටුපොලේ ගාලුපාර සිමාවේ ඇති ඝන අඩි 9ක තාප්පය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නීති උල්ලංඝනය කරන බවයි පැවසෙන්නේ

එම පිහිටීම නිසා සුලු තාක්ෂණික දෝෂයකදී පවා Over run තත්වයකදී (අධි ධාවනයකදී) ගුවන් යානයක් ගැටී සිදුවිය හැකි අනතුර අති විශාල බව ද සඳහන්

පසුගියදා දකුණු කොරියාවේ මුවාන් ගුවන්තොටුපොලේදී මගීන් 179 කට ජීවිත හානි කරමින් සිදු වූ අනතුරට සමාන අනතුරු සිදුවිය වීමට ඉඩ ඇති මේ ඉදිකිරීම ගැන සළකා බලන ලෙස සහ මෙම තාප්පය ඉවත් කර, අනතුරකදී ඉක්මනින් බිඳී යා හැකි සරල වැටක් ඉදිකරන ලෙසයි ඉල්ලා ඇත්තේ

එම ඉල්ලීම් සළකා බැලූ අමාත්‍ය බිමල් රත්නායක මහතා අමාත්‍යංශ ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තොරතුරු විමසීමෙන් අනතුරුව වහාම විසඳුම් ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා

Share This