රන්දෝලි පෙරහර මංගල්‍ය අද සිට අගෝස්තු 8 වැනිදා දක්වා ස්වර්ණවාහිනියෙන්

රන්දෝලි පෙරහර මංගල්‍ය අද සිට අගෝස්තු 8 වැනිදා දක්වා ස්වර්ණවාහිනියෙන්

හෙලයේ මහා සංස්කෘතික මංගල්‍ය හෙවත් අභිමානවත් ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණේ අවසන් මහා කුඹල් පෙරහරයි.

පෙරහර පස්වරු 6.43ට යෙදුණු සුබ නැකතින් ගමන් ආරම්භ කෙරුණා.

සිව්වන කුඹල් පෙරහරේ පෙරහර කරඩුව වැඩම කරවනු ලැබුවේ කතරගම වාසනා හස්තියා විසින්.

පුලතිසි සහ සිංහ රාජා දෑලේ ඇතුන් ලෙස ගමන් කළා.

අවසන් කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අසළින් ආරම්භ වී වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජ ගෙදරින් ඉහළට විත් යළි දළදා මාලිගයට ගෙවැදීම සිදු කෙරුණා.

මේ අතර අභිමානවත් කන්ද උඩරට පෙරහර සිරිතට පුදදෙන බැතිබර රූපමය පූජාවක් ලෙසින් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ අදින් ඇරඹෙන රන්දෝලි පෙරහර මංගල්‍යයේ අසිරිය ප්‍රේක්ෂක ඔබ වෙත ළඟා කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව රන්දෝලි පෙරහර මංගල්‍ය අද සිට අගෝස්තු 8 වැනිදා වීදි සංචාරය කෙරෙන අවසන් රන්දෝලි මහා පෙරහර දක්වාම සෑම දිනකම රාත්‍රි 10 සිට ප්‍රේක්ෂක ඔබ වෙත පෙරහර අසිරිය ළඟා කරන්නට ස්වර්ණවාහිනිය සූදානමින් සිටිනවා.

ඒ හා එක්ව පෙරහර අසිරිය දැක පහන් සිත් උපදාවගන්නට ප්‍රේක්ෂක ඔබට ස්වර්ණවාහිනියෙන් බැතිබර ආරාධනා.

Share This