රනිල්ගෙන් විකල්ප පාර්ලිමේන්තුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විකල්ප පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට අදාළව යෝජනාවක් පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම විකල්ප පාර්ලිමේන්තුව සඳහා ආරාධනා කරනු ලබන්නේ කලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ එහෙත් දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන විවිධ පක්ෂවල දේශපාලනඥයින්ට බව සඳහන්.
හිටපු මැති ඇමැතීන් 450ක් පමණ මෙලෙස ඇරයුම් ලැබීමට සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත් එම පිරිස අතරින් විකල්ප පාර්ලිමේන්තුව සඳහා තෝරාගනු ලබන්නේ 225 දෙනෙකු පමණක් බව වාර්තා වනවා.