රනිල් ලබන බදාදා CID යට

රනිල් ලබන බදාදා CID යට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව දන්වා තිබෙනවා.

ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කළ පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාදීම සඳහායි රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙ පෙනී සිටීමට නියමිතව ඇත්තේ.

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ලට පසුගිය රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත ප්‍රකාශය ලබා දී තිබෙනවා. .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බවයි.

Share This