රයිනෝ ප්‍රහාරයකින් ඔස්ට්‍රියාවේ සත්වෝද්‍යාන පාලිකාවක් මියයයි

රයිනෝ ප්‍රහාරයකින් ඔස්ට්‍රියාවේ සත්වෝද්‍යාන පාලිකාවක් මියයයි

රයිනෝ ප්‍රහාරයකින් ඔස්ට්‍රියාවේ සත්වෝද්‍යාන පාලකයෙකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

සල්ස්බර්ග් හෙල්බ්‍රන් සත්වෝද්‍යානයේ අලුයම රාජකාරියේ නිරත වෙමින් සිටියදී මෙම 33 හැවිරිදි කාන්තා සත්ත්ව පාලිකාවට රයිනෝ පහර දුන් බවයි සල්ස්බර්ග් පොලිසිය සඳහන් කරන්නේ.

පළපුරුදු සත්වෝද්‍යාන නිලධාරිනියක වන මෙම කාන්තාව අනතුර සිදුවූ ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

තවත් ආරක්ෂකයෙකු වන 34 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතිකයෙකු ද රයිනෝ ප්‍රහාරයට ලක්ව ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහු සල්ස්බර්ග් විශ්ව විද්‍යාල රෝහලට ගෙන ගිය අතර එහිදී ඔහුට හදිසි ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා. .

සත්වෝද්‍යාන ප්‍රකාශිකා Ulrike Ulmann පවසන්නේ මේ සිද්ධිය නිසා ඔවුන් කම්පනයට පත් වූ බවත් මෙය සිදු වූයේ කෙසේදැයි තවමත් නොදන්නා බවයි.

සිද්ධිය හේතුවෙන් සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This