
රහසිගතව ගබඩාකර තිබූ මිලියනයක් වටිනා සුවඳ විලවුන් විනාශ කිරීමට නියෝග
ආනයනකරුවෙකුගේ තොරතුරු සඳහන් නොවන මෙන්ම සැපයුම්කරුවෙකුගේ කුවිතාන්සියක් හෝ බිල්පතක් නොමැතිව වෙළෙදපොළට නිකුත් කිරීම සදහා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක් තුල ගබඩාකර තිබූ සුවඳ විලවුන් සහ ශරීර ආලේපන තොගයක් 2025.06.28 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරන ලද වැටලීමකදී සොයාගෙන තිබෙනවා.
අදාළ වැටලීමේදී එම නිවාස තුල රහසිගතව ගබඩාකර තිබූ වෙළෙඳනාම 35 කට අයත් විදේශ රටවලින් අනයනයකරන ලද යයි ප්‍රකාශ කරන ලද සමෙහි ආලේපකරන ක්‍රීම් වර්ග ඇතුළු සුවඳ විලවුන් අසුරන 4,079 ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
එම වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ භාණ්ඩ ආනයනික බව තහවරු කිරීමට හෝ එම භාණ්ඩ තමාට ලැබුණු ආකාරය තහවරු කිරීමට කිසිඳු ලේඛනයක් ඉදිරිපත් කිරීමට එම ව්‍යාපාරිකයා අපොහොසත් වී තිබේ.
විදේශීය වෙළෙඳනාම ව්‍යාජ ලෙස ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුල සකස්කර වෙළෙදපොළට නිකුත් කිරීම් සම්බන්ධව මෙන්ම ඒවා වෙළෙදපොළහි අලෙවි කිරීම සහ අලෙවියට ඉදිරිපත් කිරීම වැලැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙවැනි වැටලීම් ක්‍රියාත්මක කරනු ලබයි.
පාරිභෝගිකයන්ට හානිදායක විය හැකි එවැනි භාණ්ඩ වෙළෙදපොළහි අලෙවි කිරීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. එමෙන්ම, ආනයනකරුවෙකුගේ හෝ නිෂ්පාදකයකුගේ තොරතුරු සඳහන් කර නොමැති භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් මිලදී නොගන්නා ලෙසත්, එවැනි භාණ්ඩ විකිණීමට ඉදිරිපත් නොකරන ලෙසත් සිල්ලර වෙළෙඳුන් දැනුවත් කරන අතර එවැනි භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙස පාරිභෝගිකයන්ගෙන් අධිකාරිය ඉල්ලා සිටියි.