රාගම රෝහලේ 132කට කොවිඩ්
උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ වෛද්‍යවරුන්ද ඇතුළුව කාර්ය මණ්ඩලයේ 132 දෙනකුට කොවිඩ් – 19 රෝගය ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රාගම රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය තිළිණ ධර්මසිරි මහතා පවසනවා .
කොවිඩ් – 19 රෝගය වැලඳීම නිසා මෙම පිරිස රෝහල් ගතව මෙන්ම නිවෙස්වල සිට ප්‍රතිකාර ගනු ලබනවා
මේ අනුව විශේෂඥ වෛද්‍යවරු 2ක්, වෛද්‍යවරු 11ක්, හෙද කාර්ය මණ්ඩලයේ 53ක් ඇතුළු රෝහලේ විවිධ ක්ෂේත්‍ර 20ක කාර්ය මණ්ඩල සේවක පිරිසක් මෙලෙස කොවිඩ් – 19 රෝගය ආසාදිතව සිටින බවයි වාර්තා වන්නේ
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා