
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 2,003කට බඳවා ගැනීම් කරන්න කැබිනට් අනුමැතිය
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 2,003ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා
රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා
එම වාර්තාව මගින් අමාත්‍යංශ 11ක් යටතේ පවතින ආයතනවල සහ පළාත් සභා 05ක පවතින පුරප්පාඩු 4,987ක් අතුරින් පුරප්පාඩු 2,003ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමටයි නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ
ඒ අනුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා