රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456ක් පුරවන්න රජයෙන් තීරණයක්

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456ක් පුරවන්න රජයෙන් තීරණයක්

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් හඳුනාගෙන ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා 2024-12-30 දින පැවති රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.

එම කමිටුව විසින් පුරප්පාඩු 7456ක් හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා වන අතර එම සංඛ්‍යාව 3,519ක් වනවා.

මීට අමතරව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා පුරප්පාඩු 3000ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් පුරප්පාඩු 400ක් හඳුනාගෙන තිබෙනවා.

එක් එක් අමාත්‍යාංශය සහ ආයතන සඳහා හඳුනාගෙන ඇති පුරප්පාඩු පහතින්…..

Share This