රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ගැන සොයන කමිටුවක්

රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ගැන සොයන කමිටුවක්

ලබන වසරේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ගැන සොයා බැලීමට මේ වන විට කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

2025 අයවැයේදී එම අවශ්‍ය මුදල් වෙන් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

රාජ්‍ය සේවයේ ලක්ෂ 10ක පමණ පිරිසක් සිටිය යුතුවුවද, මේ වන විට ලක්ෂ 15ක් සිටින බව පෙන්වාදුන් ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වෙඩි කිරීම මෙම වසරේදී සිදු කළහොත් ජනතාව අපහසුතාවයට පත්වන බවයි සඳහන් කළේ.

මෙම මාසයේ මද භාගය වන විට මැතිවරණවලට සූදානම් විය යුතුව පවතින අතර රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නා.

Share This