රාමසාන් දිනය අදයි (VIDEO)

රාමසාන් දිනය අදයි (VIDEO)

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට(10) යෙදී තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ නව සඳ දර්ශනය වීමත් සමඟ අද රාමසාන් උත්සවය සමරන බවයි කොළඹ මහ පල්ලිය ඊයේ(09) නිවේදනය කළේ.

රාමසාන් උත්සවය යනු ඉස්ලාම් බැතිමතුන්ගේ වැදගත්ම වන උත්සව අවස්ථාවක් වන අතර ඉස්ලාම් බැතිමතුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයක් ලෙසයි මෙම කාලය හඳුන්වනු ලබන්නේ.

ඉස්ලාම් ධර්මය සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරාණය පිළිබඳ මුහම්මද්තුමාණන්ට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස එය සමරන බව සඳහන්.

නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර රාමසාන් සමයේ සෑම දිනකම ඉස්ලාම් බැතිමතුන් හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා ආහාර ගැනීමෙන් වැළකී සිටිනු ලබනවා.

ඉස්ලාම් බැතිමතුන් පවුලේ අය සහ මිතුරන් සමග ආහාර බෙදා ගැනීමෙන් ඔවුන්ගේ දෛනික උපවාසය අත්හරින අතර රාමදාන් අවසානය සමරනු ලබන්නේ ඉස්ලාමයේ ප්‍රධාන නිවාඩු දිනයක් වන ඊද් අල්-ෆිතර් නමින් දින උත්සවයක් සමරමින්.

රාමසාන් දිනය සැමවිටම මාස 12ක් වන ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මාසයට අයත් වෙනවා.

ඒ අනුව රාමසාන් දිනයට සමගාමීව අද ආගමික වතාවත් පැවැත්වෙන ඉස්ලාම් පල්ලි හඳුනාගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවද සඳහන්.

Share This