රාමසාන් වෙනුවෙන් මුස්ලිම් පාසල්වලට දින දෙකක නිවාඩුවක්

රාමසාන් වෙනුවෙන් මුස්ලිම් පාසල්වලට දින දෙකක නිවාඩුවක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව ලබන 31 වැනි දිනට අමතරව අප්‍රේල් 01 වැනි දිනද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමටයි තීරණය කර ඇත්තේ

එමෙන්ම මෙම නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද එම නිවේදනයේ දැක්වෙනවා

Share This