රාවණා ඇල්ල මාර්ගයේ සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ගණන 10 දක්වා ඉහළට

රාවණා ඇල්ල මාර්ගයේ සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ගණන 10 දක්වා ඉහළට

ඇල්ල – වැල්ලවාය, රාවණා ඇල්ල මාර්ගයේ සිදුවූ අනතුරින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වන විට වාර්තා වනවා.

ඇල්ල – වැල්ලවාය, රාවණා ඇල්ල අසල 24 කනුව ආසන්නයේ දී ප්‍රපාතයට පෙරළී ඇති බස් රථය, මීටර 500ක් පමණ පහළට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තංගල්ලේ සිට ඇල්ල බලා පැමිණි තංගල්ල නගර සභා සේවක පිරිසක් මේ අන්තුරට මුහුණපා තිබෙනවා.

ඒ යළි තංගල්ල බලා යමින් සිටියදීයි.

තුවාල ලැබූ 18දෙනෙකු බදුල්ල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර කුඩා දරුවන් 6 දෙනෙකුද වන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ශ්‍රි ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්‍ය බලකාය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග එකව ප්‍රදේශවාසීන් අනතුරටපත් පිරිස බේරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Share This