රිළව් සහ වදුරන් ගහනය ලක්ෂ 60 පනී
රිලා ගහනය වැඩිම මහනුවර ,පාතහේවාහැට

රිළව් සහ වදුරන් ගහනය ලක්ෂ 60 පනී

මෙරට පළමු සත්ව සංගනන වාර්තාව අද එළිදැක්වුණා.’

එම වාර්තාවට අනුව මෙරට රිළා ගහනය මිලියන 5.17 ක්.

වදුරු ගහනය මිලියන 1.74 ක් ලෙස වාර්තාවේ දැක්වෙනවා.

වගාවන්ට හානික‍රන සතුන් හදුනා ගැනීම වෙනුවෙන් ජාතික සත්ව සංගණනය පැවැත් වුණේ පසුගිය මාර්තු 15 වැනිදායි.

මෙරට මොනර ගහනය මිලියන 4.24 ක්. දඩු ලේනුන් මිලියන 2.66 ක් මෙම සංගනනයේදී හදුනාගෙන තිබෙනවා.

මෙම වාර්තාවට අනුව රිළා ගහනය වැඩිම වාර්තා වී ඇත්තේ මහනුවර ,පාතහේවාහැට ප්‍රදේශයෙන්. දවු ලෙන් ගහනය වැඩිම වාර්තා වී ඇත්තේ කුරුණැගලයි.

වදුරන් වැඩිම ගහනයක් ඇත්තේ අනු‍රාධපුරයේයි.

Share This