රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක හොර සිගරැට්

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක හොර සිගරැට්

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනකු ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන්.

ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ දුම්වැටි 119,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 595 ක් සගවා ගෙන සිටියදී පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

Share This