රුපියල් කෝටි 100කට අධික අනවසරයෙන් ඖෂධ තොගයක්

රුපියල් කෝටි 100කට අධික අනවසරයෙන් ඖෂධ තොගයක්

කල්පිටිය – කන්දකුලිය මුහුදු වෙරලේ අතහැර දැමූ මාදැල් වාඩියක සඟවා තැබූ, රුපියල් කෝටි 100කට අධික වටිනාකමක් ඇති අනවසර ඖෂධ තොගයක්, කල්පිටිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම ඖෂධ අතර පිළිකා, ලේ පිළිකා වැනි බරපතල රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග රැසක්ද අඩංගු වන අතර, වෙලඳපලේ ඉතා දුර්ලභ සහ මිල අධික ඖෂධ ද ඒ අතර ඇති බව පොලීසිය කියනවා.

අදාළ බෙහෙත් පොලිතින් ආවරණ දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් සුරක්ෂිතව ආවරණය කර බෝට්ටු මගින් මෙරටට රහසේ ගෙන්වා ඇති බව පොලීසිය පවසයි.

Share This