රුපියල් කෝටි 5කට අධික වංචාවක් – ලිපිකාරිනියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

රුපියල් කෝටි 5කට අධික වංචාවක් – ලිපිකාරිනියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ සිදුව තිබෙන රුපියල් කෝටි 5කට (මිලියන 50ක) අධික වංචාවක් සම්බන්ධයෙන් එහි ගිණුම් අංශයේ ලිපිකාරිනියන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

මේ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ඊයේ (14) විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද  කර තිබෙනවා .

පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර විගණන අංශයෙන් කළ පරීක්ෂණයකදී අදාළ වංචාව සම්බන්ධ තොරතුරු අනාවරණය වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ .

සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනා විදේශ ගතවීම වැළැක්වීම පිණිස අවශ්‍යය පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයාට කළ දැනුම් දීමකට අනුව ඒ මහතා ඒ සම්බන්ධයෙන් ක්‍රියාකර තිබෙන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා .

වසර පහක පමණ කාලයක සිට මෙම මූල්‍ය වංචාව කර තිබෙන බව දැනට පවත්වා ඇති  පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවන්ගේ නියුක්ත නොවන පුද්ගලයන්ගේ නමට ව්‍යාජ ගිණුම් සකස් කර මොවුන් කලක පටන් එම ගිණුම්වලට මුදල් බැරකර තිබෙන බවයි පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ

පළාත් සභාවට අයත් අමාත්‍යාංශ වල මුදල් වැය කිරීම් නිසි ලෙස විගණනයට ලක් වූවේ නම් මේ ආකාර වංචාවක් දීර්ඝ කාලයක් තිස්සේ කළ නොහැකි බවද  ආණ්ඩුකාරවරයා පවසනවා .

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පොලිස් ආරක්ෂාව යොදා එහි ගිණුම් අංශයට මුද්‍රා තබා තිබෙනවා

Share This