රුසියානු ප්‍රහාරවලින් කියෙව්හි ළමා රෝහලකට දැඩි හානි

රුසියානු ප්‍රහාරවලින් කියෙව්හි ළමා රෝහලකට දැඩි හානි

රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේනයේ කියෙව්හි ළමා රෝහලකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 68 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

ප්‍රහාරයෙන් පසු ළමයින් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට කටයුතු කර ඇති අතර යුක්‍රේන සෞඛ්‍ය අමාත්‍ය වික්ටර් ලියාෂ්කෝ පැවසුවේ දැඩි සත්කාර ඒකක, oncology departments සහ ශල්‍ය ඒකකවලට හානි සිදුව ඇති බවයි.

මෙම රෝහල මගින් පිළිකා සහ තවත් බොහෝ රෝග සඳහා ප්‍රතිකාර ඇතුළුව සැත්කම් සිදුකෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This