රුසියානු මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 3ක් මරුට – යුක්‍රේන ඩ්‍රෝන යානා 3ක් රුසියාවෙන් විනාශ කරයි

රුසියානු මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 3ක් මරුට – යුක්‍රේන ඩ්‍රෝන යානා 3ක් රුසියාවෙන් විනාශ කරයි

රුසියාව මොස්කව් අසල Kaluga ප්‍රදේශයේ ඩ්‍රෝන යානා 3ක් විනාශ කළ බව  එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා

කිසිදු ජීවිත හානියක් හෝ හානියක් සිදු නොවූ බව මොස්කව් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා

රුසියාවට එල්ල කරන යුක්‍රේන ප්‍රහාර මෑත මාසවලදී වේගවත් වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

වයඹ සහ මධ්‍යම යුක්‍රේනයේ රුසියානු මිසයිල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ

මේ අතර, රුසියානු මිසයිල ප්‍රහාරයක් බටහිර Lviv ප්‍රදේශයට ද එල්ල වූ අතර, අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකුට තුවාල සිදු වූ අතර සිවිල් යටිතල පහසුකම් වලටද හානි සිදුව තිබෙනවා.

Share This