රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් කාර්කිව්හි සිවිල් වැසියන් 500ක් පමණ ජීවිතක්ෂයට
රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් ඊසානදිග යුක්රේනයේ කාර්කිව් නගරයේ එහි ගොඩනැගිලි දහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
මේවායින් බොහොමයක් නේවාසික ගොඩනැගිලි බවයි පැවසෙන්නේ
රුසියානු හමුදා සති තුනකට වැඩි කාලයක් තිස්සේ රුසියානු දේශසීමාවේ සිට සැතපුම් 30ක් (කිලෝමීටර් 50ක්) ඈතින් පිහිටි කාර්කිව් නගරය වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්
මේ වනවිට අවම වශයෙන් සිවිල් වැසියන් 500ක් පමණ මියගොස් ඇති බව යුක්රේන බලධාරීන් පවසනවා