රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – මොස්කව් ගුවන් තොටුපොළක් වැසේ

රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – මොස්කව් ගුවන් තොටුපොළක් වැසේ

රුසියාවේ – මොස්කව් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ යුක්රේන ඩ්‍රෝන යානා තුනක් බිම හෙලූ බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය හේතුවෙන් මොස්කව් හි Vnukovo ගුවන් තොටුපළ වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අදාළ ප්‍රහාරය තහවුරු කළ බවයි රොයිටර්ස් පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඉන් කිසිඳු ජීවිත හානියක් සිදුව ඇති බවට වාර්තා වී නැහැ.

මොස්කව් නගරාධිපති Sergei Sobyanin ප්‍රකාශ කළේ Moskva-Citi ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ කාර්යාල ගොඩනැගිලි දෙකක මුහුණතට පමණක් සුළු හානි සිදුව ඇති බවයි.

හානියට පත් වූ එක් ගොඩනැගිල්ලක් රුසියානු රජයේ අමාත්‍යාංශ තුනක් මෙන්ම නේවාසික මහල් නිවාසවලින් සමන්විත වූ බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් පසුව යුක්‍රේන නියෝජ්‍ය අගමැති Mykhailo Fedorov ප්‍රකාශ කළේ තවත් ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වනු ඇති බවයි.

Share This