රුසියාවේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් (VIDEO)

රුසියාවේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් (VIDEO)

රුසියාවේ ඔරෙන්බර්ග් ප්‍රදේශයේ ජල මට්ටම මීටර් නවයකට වඩා වැඩි වීම නිසා දහස් ගණන් ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යූරල් කඳුකරයෙන් හිම දියවීම නිසා මෙම ප්‍රදේශය දරුණු ගංවතුරකට ගොදුරු වී ඇති අතර එය ඕර්ස්ක් නගරයට දැඩි බලපෑම් එල්ල කර ඇති බව සඳහන්.

යුරෝපයේ තුන්වන දිගම ගංගාව වන යූරල් ගඟේ ජල මට්ටම පෙර නොවූ විරූ මට්ටම් කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර අද(10) එහි උපරිම මට්ටමට පැමිණ තිබෙනවා.

රුසියාවේ හදිසි අමාත්‍යාංශය ඇස්තමේන්තු කරන්නේ නිවාස 10,000 කට වැඩි ප්‍රමාණයක් මෙම ගංවතුර තත්ත්වයෙන් යටවී ඇති බවයි.

Share This