රුසියාවේ ප්‍රබලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

රුසියාවේ ප්‍රබලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සහ සාමාන්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී වැලරි ජෙරසිමොව් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් දෙනෙනා යුද්ධයේදී යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2022 ඔක්තෝම්බර් සහ 2023 මාර්තු අතර සිවිල් ප්‍රදේශ වෙත එල්ල වූ ප්‍රහාර සඳහා ෂොයිගු මහතා සහ ජෙරසිමොව් මහතා තනි පුද්ගල සාපරාධී වගකීම දරන බවට විශ්වාස කිරීමට හේතු ඇති බව අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රහාරවලට අණ දීම හා ඔවුන් යටතේ සිටින හමුදා පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

මෙම වරෙන්තුව සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසන්නේ ICC තීරණය මගින් යුක්‍රේනියානුවන්ට එරෙහි රුසියානු අපරාධ සඳහා යුක්තිය නොවැළැක්විය හැකි බව පෙන්වන පැහැදිලි ක්‍රියාවක් බවයි.

Share This