රුසියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නැවත සම්බන්ධවීමේ උත්සාහයක්

රුසියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නැවත සම්බන්ධවීමේ උත්සාහයක්

රුසියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නැවත සම්බන්ධ වීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පසුගිය අප්‍රේල් මාසයේදී රුසියාව එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛතම මානව හිමිකම් ආයතනයෙන් නෙරපා හරිනු ලැබුවා

නමුත් දැන් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් උත්සාහ කරන්නේ ඉදිරි අවුරුදු තුනක ධුර කාලයක් සඳහා තම රට නැවත කවුන්සිලයට තෝරා පත් කර ගැනීමටයි.

රුසියාව එක්සත් ජාතීන්ගේ සාමාජිකයින්ගේ සහාය ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඡන්ද විමසීම ලබන මාසයේදී පැවැත්වෙනු ඇති .

යුක්‍රේනයේ සහ තමන්ගේම දේශසීමා තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු රුසියාව යම් ජාත්‍යන්තර විශ්වසනීයත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය තාන්ත්‍රිකයෝ සඳහන් කරන්නේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජිනීවා හි පිහිටා ඇති අතර සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එක් අයෙකු වසර තුනක කාලයක් සඳහා තේරී පත් වනවා

ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වීමට නියමිත මීළඟ මැතිවරණයේදී, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල් සඳහා වෙන් කර ඇති කවුන්සිලයේ ආසන දෙක සඳහා රුසියාව ඇල්බේනියාව සහ බල්ගේරියාව සමග තරග කරනු ඇති

2022 අප්‍රේල් මාසයේදී රුසියාව මානව හිමිකම් කවුන්සිලයෙන් අත්හිටුවන ලද අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකයින් 93 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර 24 දෙනෙකු විපක්ෂව සහ 58 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා .

Share This