රුසියාව යුක්‍රේනයේ ඔඩේසා ප්‍රදේශයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරයි

රුසියාව යුක්‍රේනයේ ඔඩේසා ප්‍රදේශයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරයි

රුසියාව යුක්‍රේනයේ ඔඩේසා වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රුසියාව විසින් ඉරානයේ නිෂ්පාදිත ෂහේඩ් ඩ්‍රෝන යානා 6ක් සහ කෲස් මිසයිල 10ක් එල්ල කළ බවයි.

එමෙන්ම යුක්‍රේන හමුදා විසින් ඩ්‍රෝන යානා 6ක් සහ මිසයිල 6ක් විනාශ කර තිබෙනවා.

ප්‍රධාන වශයෙන් ඔඩෙසා කලාපයේ දකුණු ප්‍රදේශ ඉලක්ක කර එහි කෘෂිකාර්මික පහසුකමකට පහර දුන් බවයි යුක්‍රේනයේ ගුවන් හමුදාව පැවසුවේ

ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ප්‍රහාරක ගුවන් යානා, ගුවන් යානා නාශක මිසයිල, ජංගම ගිනි නිවීමේ කණ්ඩායම් සහ වෙනත් ප්‍රහාරක මාධ්‍යයන් එක් කර තිබූ බව සඳහන්.

යුක්‍රේනයේ පැය කිහිපයක් පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

Share This