රුසියාව යුක්‍රේනයේ ඩැනියුබ් වරායේ ධාන්‍ය ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි

රුසියාව යුක්‍රේනයේ ඩැනියුබ් වරායේ ධාන්‍ය ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි

රුසියාව යුක්‍රේනයේ ඩැනියුබ් වරායේ (Danube ports) පිහිටි ධාන්‍ය ගබඩාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එම ප්‍රහාරයෙන් ධාන්‍ය ගබඩාවේ යටිතල පහසුකම් විනාශ වී ඇති බවයි

කළු මුහුද හරහා තිරිඟු, බඩ ඉරිඟු සහ අනෙකුත් නිෂ්පාදන නැව්ගත කිරීමට යුක්‍රේනයට අවසර දීමේ ගිවිසුමෙන් රුසියාව ඉවත් වූ දා සිට ඩැනියුබ් වරාය කියෙව්හි ප්‍රධානම අපනයන මාර්ගය බව සඳහන්.

එමෙන්ම කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩේසා හි ධාන්‍ය ගබඩාවක් ද විනාශ වී තිබෙනවා.

කෙසේ වෙතත් ජුලි 17 වැනිදා රුසියාව ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත් වීමෙන් දිනක් ඇතුළත ගෝලීය වෙළඳපොල තුළ ද ධාන්‍ය මිල 8% කින් ඉහළ ගියා

Share This